FAST NEWS

24×7 Around the Globe

තවත් ආණ්ඩුකාරවරුන් 03 ක් දිවුරුම් දෙයි…

 

උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර ඇත.

මෙම නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

බස්නාහිර, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව නව ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමට නියමිතව ඇත්තේ දකුණ පළාත සඳහා පමණි.