FAST NEWS

24×7 Around the Globe

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අනතුර සිදුව තිබූ තැන පරීක්ෂණ කණ්ඩායමක්.

සැක කටයුතු ලෙස තම මොටර් රථය තුළ මියගොස් සිටි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන්ගත් මොටර් රථය පරික්ෂා කිරීම අද (25) සිදු කෙරෙනවා.

මේ සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ ටොයොටා ලංකා සමාගමේ ඉංජිනේරුවකු ඇතුළු නියෝජිතයින් සමග රහස් පොලිස් නිලධාරීන් සහභාගීව සිටිනවා.

නාරාහේන්පිට පොලිසියේ ඇති අනතුරට පත් රිය පරීක්ෂා කිරීමට පෙර මෙම කණ්ඩායම, අනතුර සිදුව තිබූ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසළ ස්ථාන පරීක්ෂාවකට සහභාගීව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.0102