FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ලකුණු 21 ක පරාජයක්..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (5) පැවැති දෙවැනි එක්දින තරගයේදී  නවසීලන්ත කණ්ඩායම ලකුණු 21 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගත්තේය.

තිසර පෙරේරා (140) ශතකයක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 46.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 298 ක් පමණි.