එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල දුම්වැටි අලෙවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කිරිමට ෆෙඩරල් බදු අධිකාරිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
බදු එකතු කිරීම වේගවත් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය භාවිතා කර බදු එකතු කිරීමට මෙසේ ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
පිටරටින් ගෙන්වන සහ දේශීයව නිෂ්පාදනය කරන දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සඳහා අදාල මුද්‍රාව ක්‍රමාණුකූලව අනිවාර්ය කෙරෙනව බවත් බදු නොගෙවන සමාගම්වලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එමිරේට්ස් රජය පියවර ගන්නා බවද පැවසේ.









