FAST NEWS

24×7 Around the Globe

ඇපල් සමාගමේ පසුබෑමක්…

 

චීනයේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම හේතුවෙන් ඇපල් සමාගමේ වෙළෙදාමේ ද පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර ඒ හේතුවෙන් සමාගමේ ආයෝජනකයන් ද ගැටලු ගණනාවකට මුහුණ පා සිටින බව වාර්තා වෙයි.

පසුගිව වසරේ දෙසැම්බර් 29 වන විට ඇපල් සමාගමේ ආදායම ඩොලර් බිලියන 91.5ක් ලෙස විශ්ලේෂකයන් අනුමාන කළ ද
එහි ආදායම වාර්තා වූයේ ඩොලර් බිලියන 84කි.

ඇපල් සමාගම ඩොලර් බිලියන 89 – 93 ත් අතර ආදායමක් අපේක්ෂා කළේය.

ඇපල් සමාගමේ නිෂ්පාදනවල පැයක විකුණුම් ප්‍රතිශතය 7.7 කින් අඩුවීම හේතුවෙන් සමස්ත සමාගම් වෙළෙඳපොළ වටිනාකම ද ඩොලර් බිලියන 700 ක පහළ යාමක් පෙන්නුම් කරයි.