බුරුමයේ 969 ව්‍යාපාරයේ නායක අශින් විරාතු හිමියන් විසින්, සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලිපියක් එවා ඇති බව බොදු බල සේනා ආරංචි මාර්ග කියයි.
එහි සඳහන්ව ඇත්තේ ජාතික අරගලය වෙනුවෙන් ඥාණසාර හිමියන්ගේ කැපවීම අගය කරනා බවත්ය.
අපි අපේ ජීවිත අනතුරකට පත්කරගෙන තිබෙනවා. තමන්ගේ ජීවිතය ජාතිකත්වය වෙනුවෙන් කැපකළ පුද්ගලයන්ට සියලුම ජනතාව ආදරය කරනවා. ඒ වගේම වීරයෙක් ලෙස ගරු කරනවා. ඉතින් ඔබ සිරගෙදර සිටීම ගැන කනගාටු වෙන්න එපා යැයිද එම ලිපියේ සඳහන්ව ඇති බව කියැවේ.
ලිපියේ ඇති සටහනක් පහතින්..
“මම කැමතියි අපේ මිතුරු ඥාණසාර හිමිට පණිවිඩයක් ලබා දෙන්න. ඔබ ඔබේ ජීවිතය සහ නිදහස ජාතික අරගලය වෙනුවෙන් අනතුරකට පත් කරගැනීම ගැන ආඩම්බර වියයුතුයි. අපි අහරි දේ වෙනුවෙන් පෙනී සිටින්නා අද දවසේ වැරදිකරුවකු වුවත් අවසානයේදී ඔහු අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබනවා.ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා මියන්මාරයත් ඔබව බලාපොරොත්තු වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න අපි සියළු දෙනා ඔබගේ ඉක්මන් නිදහස බලාපොරොත්තු වෙනවා.”









