FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බේ ඔවල් ක්‍රීඩාංගණයේදි අද (03) ආරම්භ වු පළමු එක්දින තරඟයේ (දිවා/රාත්‍රී) කාසිය වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 371 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 372 ක් රැස් කළ යුතුය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු 139 කදී ලකුණූ 138 ක් වාර්තා කිරිමට මාටින් ගප්ටිල් සමත් වු අතර නායක විලියම්සන් ලකුණු 76 ක් හා රොස් ටේලර් ලකුණූ 54 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග,තිසර පෙරේරා හා නුවන් ප්‍රදීප් කඩුළු 02 ක බැගින් බිඳ හෙලුහ.

ලකුණු පුවරුව..