ජර්මනියේ වෙසෙන අන්තර් ලිංගිකයන් හට ‘ඩයිවර්ස්’ නම් නව කාණ්ඩයක් හඳුන්වා දීමට ජර්මානු රජය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ යන ලිංගයන්ට අමතරව අන්තර් ලිංගිකයන් හට සිය කැමැත්ත පරිදි සිය අනන්‍යතාවය ‘ඩයිවර්ස්’ කාණ්ඩය යටතට ගැනීමට හැකියාව නීති ගත කිරීම මින් සිදු වන බවත් ඩයිවර්ස් කාණ්ඩය යටතේ සිය ලිංගිකත්වය අනාවරණය කරන පුද්ගලයෙකු හට ඒ සඳහා ප්‍රථමයෙන් වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීම අනිවාර්ය වෙයි.
මෙම නීතිගත කිරීම හරහා ඔවුන්ට සිදුවන ලිංගික අපචාර හා දූෂණ අවම කිරීම , බල කෙරුණු ශල්‍යකර්ම තත්වයන්ගෙන් මිදීම සඳහා මෙම නීතිගත තත්වය උපකාරී වනු ඇත.
ජර්මනියේ මේ වන විට 80 000ක් පමණ අන්තර්ලිංගිකයන් වාසය කරන









