FAST NEWS

24×7 Around the Globe

පසුගිය නොවැම්බරයේ වාහන ලියාපදිංචිය අඩුවෙයි…

 

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර තිබෙන බව ජේ.බී. සිකියුරිටීස් සමාගම කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2018 වස‌‌රේ ඔක්තෝබර් මාසය හා සැසදීමේදී නොවැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය 5826 සිට 3354 ක් දක්වා අඩුවී ඇත.

Brand New වාහන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමද පසුගිය ඔක්තෝබර් මාසය හා සසඳා බැලීමේදි නොවැම්බර් මාසයේදි 683 සිට 365 දක්වා පහළ ගොස් ඇත.

මේ ආකාරයට වාහන ලියාපදිංචි කිරීම අවමවීමට හේතුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පිරිදි කුඩා මෝටර් රථ සඳහා බදු වැඩිකිරීමට මෙන්ම ණයවර ලිපි විවෘත කිරීමේදී එම අගය 100% ක සිට 200% ක් දක්වා වැඩිකිරීම නිසාය.

මීට අමතරව ත්‍රීරෝද රථ ලියාපදිංචියද ඔක්තෝබර් මාසය හා සසඳා බැලීමේදී නොවැම්බර් මාසයේදී 1932 සිට 1314 දක්වා අඩුවී ඇති අතර ,යතුරු පැදි ලියාපදිංචියද ඒකක 30889 සිට ඒකක 22373 ක් දක්වා පහත වැටී ඇත.