FAST NEWS

24×7 Around the Globe

ඔස්කාර් සම්මාන උළෙලට ලාංකීය සිනමා පට දෙකක්…

 

මුළු ලෝකයේම අවධානයට පාත්‍රවන මෙන්ම ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උලෙළේ ප්‍රධාන සම්මාන ඛාණ්ඩය යටතේ තරඟ වැදීමට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල සිනමාපට දෙකකට පසුගිය 18 වැනිදා භාග්‍යය උදාවිය.

ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යුවළක් වන අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ චන්ද්‍රන් රත්නම්ගේ “According to Matthew” යන චිත්‍රපටයි.

ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ මූලිකම කොන්දේසිය 2018.01.01 සිට 2018.12.31 යන කාල පරාසය තුළ අවම වශයෙන් ලොස් ඇන්ජලීස්හී පිහිටි එක් සිනමා ශාලාවක් තුළ මුදල් ගෙවා නැරඹීමේ පදනම මත, අවම වශයෙන් දිනකට දර්ශන වාර තුනක් (එක් දර්ශන වාරයක් ප.ව 6.00- ප.ව 10.00 අතර) අඛණ්ඩව දින 07 ක් තිරගත වූ සිනමාපටයක් විය යුතුය.

ඒ අනුව “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය සැප්තැම්බර් මාසයේදීද ,”According to Matthew” සිනමාපටය දෙසැම්බර් මාසයේදීද ඇමෙරිකාව තුළ තිරගතවිය.

මේ වසරේ පෙබරවාරි මස 24 වන දින 91 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතය.