අද(31) දිනට ප්‍රථමයෙන් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට සිය ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකළ බවත් පවැසේ.
අදාළ දැනුම්දීමට අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගෙන ඇති බව පැවසේ.
ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස තමන්ට කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා මාධ්‍ය වෙත පැවසීය.
පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(30) රාත්‍රි යළිත් දිවයිනට පැමිණ තිබේ.









