FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහිව වසර 84 ක් වාර්තාවක් අලුත් කිරිමට නවසීලන්තයට වරමක්..

 

ශ්‍රී ලංකාවට එරෙහිව වසර 84 ක් පරණ ටෙස්ට් වාර්තාවක් අලුත් කිරිමට දෙවන ටෙස්ට් තරඟයේදි නවසීලන්ත කණ්ඩායමට අවස්ථාවක් උදා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟය ලකුණූ 500 කට වඩා වැඩි පරතරයකට අනුව ජයග්‍රහණය කළහොත් එම අවස්ථාව හිමි වනු ඇත.

ටෙස්ට් කණ්ඩායමක් ලකුණූ 500 කට වැඩි පරතරයකින් තරඟයක් අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 1934 වර්ෂයේදිය.

එනම් එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණූ 562 ක පරතරයකින් ජයක් වාර්තා කරමීනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙ වන විට දෙවන ඉනිමට ලකුණු 24 ක් ලබා සිටින අතර සිය ජයග්‍රහණය සඳහා තවත් කඩුළු 08 ක් අතැතිව ලකුණූ 636 ක් ලබා ගත යුතුය.

එනම් ශ්‍රී ලංකාව ලකුණූ 500 කට වඩා පරතරය අඩු කිරිමට ලකුණූ 137 ක් වාර්තා කළ යුතුය.

චෙස්චර්ච්හි තණතීරුව පළමු පැය ඇතුළත වේග පන්දු යවන්නන්ට බෙහෙවින් හිතකර හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය කඩුළු ආරක්ෂා කර ගනිමීන් පිතිකරණයේ නියැළිය යුතුය.