පාර්ලිමේන්තුවේ නිල විපක්ෂ නායක ධූරය සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කථානායක කරූ ජයසූරීය මහතාට ලිපියක් යොමු කළ බව එහි කැදවුම්කරු ඩිලංග වීරකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු වු බැවින් විපක්ෂ නායක ධූරය දැරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අදාළ ලිපියෙන් අවධාරණය කළ බවද හෙතෙම කියයි.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් සියලු පිරිස් වලට එරෙහි විනය පියවර ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවද ඩිලංග වීරකෝන් මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.









