පාකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිට රටින් පිටවීම තහනම් කර ඇත.
ඒ ව්‍යාජ බැංකු ගිණුම් හරහා මූල්‍ය විශුද්ධිකරණය සිදුකළ බවට එල්ලවන චෝදනාවක් මතයි.
පාකිස්ථාන අධිකරණය එම නියෝගය ලබාදී ඇත්තේ සර්දාරිගේ බිරිඳ වූ පාකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝගේ මරණයෙන් වසර 11 ක් ගතවීම අනුස්මරණය කරන අවස්ථාවකදීයි.
හිටපු ජනාධිපතිවරයා සිය සොහොයුරිය ඇතුළු තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් ඩොලර් මිලියන 400 ක පමණ මූල්‍ය විශුද්ධිකරණයක නිරත වී ඇති බවට පාකිස්ථාන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් චෝදනා එල්ල කරයි.









