FAST NEWS

24×7 Around the Globe

රොෂෙන් හා දික්වැල්ල බිඳවැටිමට බලපෑ හැටි සහ හෙට (28) සැලසුම තිලාන් කියයි..

නවසීලන්තය සමඟ චෙස්චර්ච්හිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුළු 06 ලකුණූ 16 ක් තුළ දැවි යෑමට හේතුව රෝෂෙන් සිල්වා සහ නිරෝෂන් දික්වැල යන පිතිකරුවන් දිනය ආරම්භයේදිම දැවි යෑම බව ශ්‍රී ලංකා පිතිකරුණ පුහුණූකරු වු තිලාන් සමරවීර තරඟයේ දෙවැනි දිනය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් සඳහන් කළේය.
පළමු පැය, පැය භාගය තුළ චෙස්චර්ච් ක්‍රීඩාංගණයේදි ක්‍රීඩා කිරිමට අපහසු බවත් හිරු එළිය පතිත විමට පෙර වේග පන්දු යවන්නන්ගේ පන්දුකරණයට ඉතාමත් හිතකර බවත් පිතිකරණය අසීරු කාර්යක් බවත් හෙතෙම පෙන්වා දී තිබේ.
ඒ අනුව ලකුණු 88 කට කඩුළු 04 ක් දැවි තිබියදි අද (27) දිනයේ ඉනිම ආරම්භ කිරිමේදි රෝෂෙන් හා දික්වැල්ල සිය කඩුලු රැක ගෙන පළමු පැය තුළ ක්‍රීඩා කිරිම අවශ්‍ය වු නමුත් එය එසේ සිදු නොවිම තුළ සෙසු පහළ පිතිකරුවන් පවතින තත්වය හමුවේ දැවි ගිය බව තිලාස් සමරවීර අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුළු 02 ක් දැවි ලකුණූ 231 ක් ලබා තරඟය නතු කරගෙන සිටියද හෙට (28) දිනයේ පළමු පැය තුළ නව පන්දුව භාවිත කරමීන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිය අණසක පතුරුවා තරඟයට අවතීර්ණ විය හැකි බවද හෙතෙම වැඩි දුරටත් පෙන්වා දී තිබේ.