FAST NEWS

24×7 Around the Globe

පළමු වැන්නා විමට දිල්රුවන් – රබාඩා සහ නෙතන් අතර තියුණූ තරඟයක්..

 

2018 වර්ෂයේ වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා විම සඳහා පන්දු යවන්නන් තිදෙනෙකු අතර තියුණූ තරගයක් නිර්මාණය වි තිබේ.

ඒ අනුව මෙ වන විට ටෙස්ට් කඩුළු 50 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකාවේ දිල්රුවන් පෙරේරා පසුවන අතර දකුණු අප්‍රිකාවේ කාගිසෝ රාබාඩා හා ඔස්ට්‍රේලියාවේ නෙතන් ලියොන් කඩුළු 49 බැගින් දවාගෙන සිටියි.

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ තවත් කඩුළු 08 ක් ඉතිරිව ඇති අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් දවා ගැනිමට හැකි වුවහොත් දිල්රුවන් පෙරේරාට සිය ස්ථානය ස්ථාවර කරගත හැකිය.

එසේම ඔස්ට්‍රේලියාවේ නෙතන් ලයන් ඉන්දීයාව සමඟ ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ පන්දු යැවිමේ කාර්යේ නිරතව සිටියි.

කාගිසෝ රබාඩා ද පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගයේ පළමු ඉනිමේදි කඩුළු තුනක් දවා ගනිමින් 49 සීමාවේ සිටින අතර ඔහුට පාකිස්ථානයට එරෙහිව පන්දු යැවිමට තවත් එක් ඉනිමක් ඉතිරිව පවතියි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම මෙම වර්ෂය සඳහා සහභාගි වීමට ඇත්තේ මෙම පැවැත්වෙන තරඟයන් පමණි.