FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායලයෙන් සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරය රුසියාව හෙළා දකියි..

 

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉලක්ක කරගෙන ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගුවනින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එම ප්‍රහාර හේතුවෙන් සිරියානු අවි ගබඩාවක සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ එම මිසයිල ප්‍රහාර රුසියාව හෙළා දැක ඇත.

ඊශ්‍රායල හමුදාව එල්ල කළ මෙම ප්‍රහාරවලින් බොහොමයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාව සමත්ව තිබුණි.

රුසියාව තමන්ට ලබාදුන් මිසයිල නාශක අවි හේතුවෙන් ඊශ්‍රායලය ප්‍රහාර වළක්වා ගැනීමට හැකිවූ බව සිරියානු බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.