උත්සව සමය ආරම්භ වීමත් සමග වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.
මෙම මිල ගණන් ඉහළ යාමට හේතුව ලෙස වාර්තා වෙන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින් මුහුදු යාම අඩුවීමයි.
රුපියල් 120 – 150ත් අතර පැවති බලයා මත්ස්‍ය කිලෝවක මිල මේ වන විට රුපියල් 400 – 450 ක් පමණ වන අතර , 400- 450ත් අතර පැවති කෙලවල්ලා මාළු කිලෝවක මිල මේ වන විට රුපියල් 600 – 650 ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.







