FAST NEWS

24×7 Around the Globe

සවුතිගේ කඩුල්ල දවාගත් දිල්රුවන් වාර්තා අතරට යයි..

 

නවසීලන්තය සමඟ අද (26) ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදි ටිම් සවුතිගේ කඩුල්ල දවාගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙම්ට් කඩුළු 150 ක් දවාගත් සිව්වැන්නා බවට පත් විමට සමත් විය.

මීන් පෙර මුත්තයියා මුරලිදරන්,චමීන්ද වාස් හා රංගක හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 150 කඩඉම සනිටුහන් කිරිමට සමත්ව සිටියි.

දිල්රුවන් පෙරේරාට කඩුළු 150 දවා ගැනිමට තරඟ 36 ක් ක්‍රීඩා කිරිමට සිදු විය.