FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවට ඇතිවූ සුනාමියෙන් පසු නව අනතුරු ඇගවීමේ පද්ධතියක්…

 

පසුගිය සෙනසුරාදා රාත්‍රී 09.00 ට පමණ ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යාමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 429 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුනාමි තත්ත්වයෙන් පසුව ඉන්දුනීසියාවට නව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.

මෙතෙක් පැවති සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය 2012 වසරෙන් පසුව අක්‍රියව පැවති බව පළවූ වාර්තාවල සදහන් විය.

විදෙස් වාර්තා සඳහන් කළේ ලබන වසරේදී මෙම නව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා ඇතිවූ සුනාමියෙන් මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර, පුද්ගලයින් 16,000ක් පමණ අවතැන්ව සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.