FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 178 කට සීමා වෙයි..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (26) ආරම්භ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර ලකුණු 178 ක සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් ලකුණු 54 කට කඩුළු 05 ක් හා ළහිරු කුමාර ලකුණු 49 කට කඩුළු 03 ක් දවා ගැනිමට සමත් විය.

ලකුණු පුවරුව..

++++++++++++++++

තේ පානයට – නවසීලන්ත පිතිකරුවෝ සුරංග ලක්මාල් හමුවේ අසරණ වෙති..(update)

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ චෙස්චර්ච්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාධනයෙන් සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම කඩුළු 08 ක් දැවි ලකුණු 175 ක් රැස් කරගෙන සිටියි.

නොදැවි පන්දුවට පහරදෙමීන් සිටින බී.ජේ වැට්ලින්ග් පන්දු පන්දු 88 කට ලකුණු 46 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවිමේදි සුරංග ලක්මාල් කඩුළු 05 ක් දවා ගැනිමට සමත් ව සිටියි.

ලකුණූ පුවරුව..