FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක කමට නියම සුදුස්සා සහ රනිල් ගැන මහින්දගේ අලුත්ම හෙළිදරව්ව.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්‍ෂ නායක ධුරය සඳහා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් රැසකගේ අදහස වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය භාරගන්නවාදැයි විමසීමකදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඒ සඳහා තමන්ට කිසිදු අදහසක්‌ නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ රජයට එක්‌වීම ගැටලුවක්‌ නොවන බවද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනය කිරීම පහසුයි. ඔහු එලව එලවා පලිගන්නේ නැහැ.‘

(දිවයින)