FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්…

 

ඉන්දුනීසියාවට නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි ජනතාව තුළ භියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හේතුවෙනි.

මේ හේතුවෙන් ඉන්දුනීසියා වෙරළබඩ ජනතාවට වෙරළින් ඈත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇත.

ඊයේ ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ නගරවලට කඩාවැදුණු සුනාමි රළ හමුවේ පුද්ගලයන් 222 කු මියගොස් 843 කු තුවාල ලැබීය.