FAST NEWS

24×7 Around the Globe

වෙන්දෙසි වුනත් මාලිංගට IPL වරම් අහිමී වෙයි – හේතුව මෙන්න..

 

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 ක්‍රිකට් නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි-20 තරගාවලියෙන් ඉවත් වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පැවති අයි.පී.එල් වෙන්දෙසියෙදි මුම්බායි කණ්ඩායම විසින් මාලිංග මීලදි ගනු ලැබිය.

කෙසේ වෙතත් එම කණ්ඩායම සමග මාලිංග ගිවිසුමකට ⁣එළබෙනු නැති බව කියැවේ.

මන්දයත් 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව අයි.පී.එල් තරගාවලිය පැවැත්වෙන හෙයින් විශාල තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කිරිමට ඇති හෙයින් අබාධයකට ලක්,වුවහොත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවිමට සිදු විමයි.

එසේම කණ්ඩායම් නායකත්වයද පැවරි තිබෙන හෙයින් මාලිංග කණ්ඩායම සමග පුහුණුවිම් කටයුතු කිරිම අනිවාර්යයෙන් සිදුවිම විය යුතු විමත් මී⁣ට හේතු වි ඇති බවත් පැවසේ.

මේ අනුව මාලිංග බොහෝ දුරට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආ⁣රංචි මාර්ග කියයි.