නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
එම අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බවද කියැවේ.
ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා එකඟවී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ අවසන් වනතෙක් මාසයක් වැනි කාලයට එම අමාත්‍යාංශය තමා යටතේ තබාගත යුතු බවට ජනාධිපතිවරයා පවසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.









