FAST NEWS

24×7 Around the Globe

සකිබ්ගෙන් වාර්තාවක් – කොදෙව්වන් පරදා බංග්ලාදේශය දැවන්ත ජයක් ලබයි..

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සමග ඩකාහිදී ඊයේ (20) පැවැති දෙවැනි විස්සයි – 20 තරගය ලකුණු 36 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 211 ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණි.

විස්සයි 20 තරගයක හොදම පන්දු යැවීම වාර්තා කරමීන් සකීබ් අල් හසන් සිය පන්දුවාර 04 ලකුණු 20 කට සීමාකරමින් කඩුලු 05 ක් දවාගැනීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම – 211/04

(ලිටන් දාස් 60, සෞම්‍ය සර්කාර් 32, සකීබ් අල් හසන් නොදැවී 42, මහමුදුල්ලා නොදැවී 43, ශෙල්ඩන් කොට්ට්‍රේල් 38/2)

කොදෙව් කණ්ඩායම – (19.2 ) 175/10

(ශායි හෝප් 36, රොව්මන් පවෙල් 50, කීමෝ පෝල් 29, සකීබ් අල් හසන් 20/5, මුස්ටෆීසූර් රහ්මන් 50/2)