FAST NEWS

24×7 Around the Globe

එජාප විරෝධී සාමාජිකයන් ලෙස ඉදිරියටත් කටයුතු කරනවා – රමේෂ් පතිරණ

 

මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ මහලේකම්වරයාට හැකියාව තිබෙන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (20) පැවසීය.

එවැනි විනය ක්‍රියාමාර්ගයක් සිදුකරන්නේ නම් ගැටලුවකින් තොරව ඊට මුහුණ දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සඳහා තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම නායකත්වය ලබාදුන් බවත් ඔහු පවසයි.

එය වසන් කිරීමට තමන් සූදානම් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් පෙරමුණක සාමාජිකයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.