FAST NEWS

24×7 Around the Globe

පළමු තරඟය හා කුසල් – මැතිව්ස් ගැන චන්දිමාල්ගෙන් ප්‍රකාශයක්..

 

දින පහ පුරාවට සිය කණ්ඩායමේ යම් යම් චරිත ඉස්මතු වු බව නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් විමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් අවසන් තරඟ කිහිපයේදි දක්ෂතා පෙන්නුම් කළ බවත් මෙම තරගයේදි ද ඉනිම දෙකෙදිම ලකුණූ අතරට පැමීණි බව ඔහු පවසා ඇත.

එසේම දිමුත් කරුණාරතන්නත් පළමු ඉනිමේ සිය දක්ෂතා පෙන්නුම් කළ බවත් දෙවැනි ඉනිමේදි කුසල් මෙන්ඩිස් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ බවත් පෙන්වා දී තිබේ.

පළමු තරගයෙන් ලබාගත් අත්දැකිම් ඉදිරි තරගය සඳහා උපයෝගී කර ගන්නා බවද දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් සඳහන් කර තිබේ.