FAST NEWS

24×7 Around the Globe

අනිවාර්යෙන්ම කැබිනට් ඇමතිකමක් ඕනා – පියසේන

 

ගාල්ල දිස්ත්‍රික්කය තුළ පක්ෂ දෙකේම සිටි ජේ‍යෂ්ඨතම මන්ත්‍රිවරයා තමා නිසා අලුතින් පත්වන ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් තමාට අනිවාර්යෙන්ම හිමිවිය යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ මහතා ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

“මහින්ද රාජපක්ෂ ආණඩුවෙන් මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙනුත් ගාල්ලට මෙන්ම මට විශාල අසාධාරණයක් සිදුවුණා. දේශපාලන තීන්දු ගන්න ඒවා හේතු වුණා. මේ පක්ෂ දෙකේම ඉන්න ජේ‍යෂ්ඨතම මන්ත්‍රි මම. ඒ නිසාම මෙවර කැබිනට් ඇමැති ධුරයක් මට ලැබිය යුතුමයි. කතාවක් තියෙනවා ජනාධිපතිවරයා කිව්වා කියලා ශ්‍රී ලංකා එකෙන් ආපු අයට දෙන්නේ නෑ කියලා.

එහෙම නොවේ නම් අනිවාර්යෙන්ම මට කැබිනට් ඇමැති ධුරයක් ලැබිය යුතු වෙනවා. ඒ සඳහා හොඳම සුදුස්සෙක් මම. දීර්ඝ කාලයක් ගාල්ල ජනතාවට වුණ වැරැද්ද නිවැරැදි කිරීමට ඒ තුළින් හැකි වෙනවා. කොහොම නමුත් බලමු. නොදුන්නා කියලා කරන්න දෙයක් නම් නෑ තමයි”