ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාත් කෝලි පිලිබඳ බොහෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තුල ඇත්තේ නොපහන් හැඟීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ඔහු විසින් පෙන්වූ හැසිරීම් රටාව සැමගේ පැසසුමට හා ගෞරවයට ලක්විය. අද දින ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රිකට් තරුව වන කුමාර් සංගක්කාර කෙරෙහි කෝලි දැක්වූ සහෝදරාත්මක ප්‍රතිචාර ඊට හේතු වූ බව නොරහසකි. සංගක්කාරගේ සමුගැනීම වෙනුවෙන් සිය ෆේස්බුක් හා ට්විටර් ගිණුම් හරහා හැඟුම්බර සටහන් කිහිපයක් තැබීමට විරාත් කෝලි ක්‍රියා කර තිබුණේය. ඒ අතර ඔහුගේ අත් අකුරෙන්ම ලියූ සුබ පැතුම් සටහනක් ද විය.
එම සටහන් කිහිපය පහතින් කියවන්න.















