FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාතේ ගොයම් කොළ කහ වීමේ රෝගයකට ගොදුරු වෙයි..

 

මේ දිනවල දකුණු පළාත තුළ වී වගාව ආශ්‍රිතව ගොයම් කොළ කහ පැහැ වීමේ රෝග තත්ත්වයක් පැතිර යන බවත් මේ හේතුවෙන් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවත් ගොවීහු පවසයි.

මෙම රෝගී තත්ත්වය කුමක්දැයි මෙතෙක් හදුනාගෙන නොමැත.

වැඩිදුර පරීක්ෂණ සදහා රෝගය වැළඳුණු ගොයම් කොළ සාම්පල රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ මාපලාන කෘෂි පීඨය වෙත යොමුකර ඇත.