මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා ලැබ රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (18) රාත්රියේ පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් පිරිස රඹුක්කන – කුඩාගම ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
මේ වන විට පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රඹුක්කන පොලීසියට අමතරව තවත් පොලිස් ස්ථාන කිහිපයක් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.








