FAST NEWS

24×7 Around the Globe

රඹුක්කන පොලීසියේ සැකකරුවන් 05 දෙනෙකු පලා යයි…

 

මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා ලැබ රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් පිරිස රඹුක්කන – කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

මේ වන විට පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රඹුක්කන පොලීසියට අමතරව තවත් පොලිස් ස්ථාන කිහිපයක් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.