FAST NEWS

24×7 Around the Globe

රාජීතට සෞඛ්‍ය ඇමතිකම නොදෙන්නැයි ලිඛිතව කියයි..

 

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහුව එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇති බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද මේ පිළිබඳ සාකච්ඡා කිරිමට නියමීත බවද පැවසේ.

රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට කටයුතු කළොත් ඉන් පසුව කඩිනමින් මධ්‍යම කාරක සභාව රැස්කර අදාළ ක්‍රියාමාර්ග තීරණය කරන බවද එම සංගමය කියයි.

මේ අනුව රාජීත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා නොදිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් ආරංචි මාර්ග කියයි.