FAST NEWS

24×7 Around the Globe

ව්ලැඩිමීර් පුටින් රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට යයි..

 

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට රැප් සංගීතය පාලනය කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එම කටයුත්ත ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇති බවත් මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බවත් රුසියානු ජනපතිවරයා පවසයි.

මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව වැඩි වශයෙන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවීමට , ලිංගිකත්වයට, එහි භාවිත වන අසභ්‍ය වචන ප්‍රචණ්ඩකාරී මානසිකත්වය පෙළඹවීමක් ඇති කරනු බව ජනපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම මේ හේතුවෙන් රුසියාවේ සංවිධාන කර තිබූ උත්සව රැසක් අවලංගු කර ඇත.

පසුගිය දිනෙක රුසියානු රැප් ගායකයකු වන හුස්කිගේ ප්‍රසංගයක් වළැක්වීම නිලධාරීන් කටයුතු කිරීමෙන් පසු එහිදී ඇති වූ ගැටළුවකින් පසු ඔහුව පොලිස් අත්අඩංගුවට ද පත්විය.