බංග්ලාදේශය සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි – 20 තරඟාවලිය යටතේ අද (17) පැවති පළමු තරගයෙන් කඩුළු 08 ක් ජයග්රහණයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 19 ක් අවසානයේ සියළු දෙනා දැවි ලකුණූ 129 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 10 යි පන්දු 05 ක් තුළ කඩුළු 02 ක් පමණක් දැවි සිය ජයග්රාහි ඉලක්කය සපුරා ගැනිමට සමත් වුයේය.
මෙහිදි පන්දු 16 කදී වේගවත් අර්ධ ශතකයන් වාර්තා කළ කොදෙව් ක්රීඩක ෂායි හොප් පන්දු 23 ක ලකුණූ 55 ක් රැස් කළේය.
මේ අනුව තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටියි.
ලකුණූ සාරංශය..








