සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහෙතකට පෙර ලකුණූ 578 කට දැවි ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළ ලකුණූ 282 කට වඩා නවසීලන්ත කණ්ඩායම ලකුණූ 296 ක් ඉදිරියෙන් සිටියි.
නවසීලන්ත පළමු ඉනිමේදි ටොම් ලැතම් නොදැවි ලකුණූ 264 ක් රැස් කිරිමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණූ 127 කට කඩුළු 04 ක් දවා ගැනිමට වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සමත් විය.
අද (17) තරගයේ දෙවැනි දිනය ක්‍රියාත්මක වෙයි.









