FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමට නව අණ දෙන නිලධරයෙක්..

ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධරයා ලෙස මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි මේ සතියේ සිට රාජකාරි අරඹන බව ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් පවසයි.

මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි සිය හමුදා දිවියේ වසර 28 ක් ගත කළ අත්දැකීම් සහිත නිලධරයෙකි. ඔහු ගේ සැලසුම් හා මෙහෙයුම් අත්දැකීම් ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුම වඩාත් ජවසම්පන්නව ඉදිරියට ගෙන යාම පිණිස උපකාරී වනු ඇති බව ද ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියා සිටියේ ය. ඔහු මෙම ධුරයට පත්වන්නේ මේජර් ජනරාල් පීටර් ඔස්බෝර්න් ගේ ඇවෑමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා ය.

ඔස්ට්‍රේලියා රජය ක්‍රියාත්මක කළ දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම (Operation Sovereign Borders) නිසා ඕස්ට්‍රේලියා ජනතාවට නිදහස්ව දිවි ගෙවිය හැකි වාතාවරණයක් දැන් ගොඩනැඟී ඇතැයි ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධරයා ලෙස මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි අදහස් දක්වමින් පවසා සිටියේ ය.

සරණාගතයන් පිළිබඳ කිසි දින වෙනස් නොවන ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තියපෙර පරිදිම දැඩි බව ද, එහි නිසිදු වෙනසක් සිදු නැතැයි ද වැඩු දුර අදහස් දක්වමින් කියා සිටි නව අණ දෙන නිලධරයා දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම තවත් ජව ගැන්වෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

මේ වනවිට නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ ගත් පුද්ගලයින් 740 දෙනෙකු රැගත් යාත්‍රා 29ක් පමණ පමණ යළි හරවා යැවීමට පියවර ගෙන තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බව පෙන්වා‍දෙන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය ද එලෙස පැමිණෙන යාත්‍රා අඛණ්ඩාවම ආපසු හරවා යවන බව ද කියා සිටියි.