FAST NEWS

24×7 Around the Globe

මහින්ද සන්ධානෙන් ඉල්ලුවේ නැත්නම් වන දේ ගැන විමල් පවසයි.

මහ මැතිවරණ කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කටයුතු දෙස බැලීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපතිවරණය වඩා ඡන්ද ලක්ෂ 10 ක් අඩුවෙන් ලබා මන්ත්‍රී ධුර 95 ක් ලබාගැනීමට හැකිවීම ගැන සතුටු වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (24දා) පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩපිළිවෙළ දියත් නොකළේ නම් සන්ධානයට මන්ත්‍රී ධුර 40 ක් වත් ලබාගත නොහැකි බව වීරවංශ මහතා සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය