වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ විසින් තමාව ඝාතනය කිරීමට අමෙරිකාව උත්සහ දරන බවට චෝදනා එල්ල කරයි.
වෙනිසියුලානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ දී ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද්ගලිකව මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.
නමුත් අදාල චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු සමත් වී නොමැත.
සිය රජය පෙරළා දැමීමටද ඇමරිකාව කුමන්ත්‍රණය කරමින් සිටින බව ද වෙනිසියුලානු ජනාධිපතිවරයා සදහන් කර ඇත.
පසුගියදා වෙනිසියුලාවට නව ආර්ථික සම්බාධක පැනවීමට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවරගෙන තිබුණි.









