FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නව ආණ්ඩුවකට ජනපති අගමැති සාකච්ඡාවක්..!!!

 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට පසු නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විමට නියමීත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එ.ජ.නි.ස. මන්ත්‍රිවරු 95 දෙනා සහ එක්වූ මන්ත්‍රිවරුන් පස්දෙනා සහ තවත් පිරිසක් අලුතින් එකතු කර මෙම අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයිද කියැවේ.

මෙම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනක් යෑමට අකැමැති එ.ජා.ප. මන්ත්‍රිවරුන් හෝ ජ.වි.පෙ. ඇතුළු සෙසු සුළු පක්‍ෂවල සහාය මේ සඳහා ලබා ගැනීම පිළිබඳ කඩිනමින් සාකච්ඡා පැවැත්විමට නියමීත බවත් එම ආරංචි මාර්ග කියයි.