මහවැලි ගොවීන් සඳහා තොරතුරු තාක්ෂණික පුහුණුව ලබාදීමට මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත.
ප්‍රථම වතාවට සිදුකරනු ලබන මෙම වැඩපිළිවෙල මහවැලි සී කලාපයෙන් ආරම්භ කර තිබේ.
ඒ සඳහා ක්‍රියාත්මක නව තොරතුරු තාක්ෂණික ගම්මාන පුහුණු මධ්‍යස්ථානයක් ඊයේ (12) ගිරාඳුරුකෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථානයේදී විවෘත කරණු ලැබීය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහයෝගයෙන් දියත් කෙරෙන මෙම වැඩසටහන මගින් මහවැලි ගොවීන්ට නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් වෙළඳපොල අවස්ථා සලසා ගැනීමට හැකියාව ලැබෙන බව මහවැලි අධිකාරිය සදහන් කරයි.







