FAST NEWS

24×7 Around the Globe

අයි.පී.එල් කෙටි ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ 07 කට වරම්..

 

2019 අයි.පී.එල්. තරගාවලිය සඳහා ලියාපදිංචි කරන ලද ක‍්‍රීඩකයන් 1003 ක් අතුරින් තෝරාගත් 346 දෙනකු ලබන 18 වැනිදා පැවැත්වෙන වෙන්දෙසිය සඳහා කෙටි ලැයිස්තුවක් සකස් කර ඇති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 07 දෙනෙක් ඇතුලත්ව සිටිති.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක‍්‍රීඩකයින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩයන් අතුරින් ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියානු රුපියල් කෝටි දෙකකට හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි පහකට ආසන්න ලංසුවකට ඉදිරිපත්කර ඇත.

අනිකුත් ක‍්‍රීඩකයන්ට ලබාදී ඇති වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 50-75 ත් අතර බව සඳහන් වේ.

අයි.පී.එල්. තරගාවලිය ලබන මාර්තු 29 වැනිදා සිට මැයි මස 19 වැනිදා දක්වා පැවැත්වේ.