බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව ඇය නියෝජනය කරනු ලබන කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.
අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස ඉල්ලා මන්ත්‍රිවරුන් 48 දෙනෙක් ලිපි ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බ්රේකසිට් නම් නව ආර්ථික ගිවිසුමක් සම්බන්ධයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඇයව දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම අද (12) සිදු කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් තෙරේසා මේ පවසා සිටින්නේ තමා සතු සියළු කරුණු සමගින් මෙම විශ්වාසභංගයට මුහුණ දෙන බවයි.









