මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ගොනුකළ පෙත්සම අනිද්දා (14) කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කරනු ලැබීය.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.








