FAST NEWS

24×7 Around the Globe

ෂායි හොප්ගේ පිතිකරණය බංග්ලාදේශය දණ ගස්වයි..

 

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් යුක්ත එක්දින තරගාවලියේ දෙවන තරගයෙන් කඩුළු 04 ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (11) සමත් විය.

ඩකා නුවර ෂේර් බංග්ලා ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණූ 255 ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 කදී කඩුළු 06 ක් පමණක් දැවි ලකුණූ 256 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය වාර්තා කිරිමට සමත් විය.

මෙහි කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගිය ෂායි හොප් පන්දු 144 කදී නොදැවි ලකුණූ 146 ක් රැස් කළේය.

මේ අනුව තරග 1-1 ලෙස තරගාවලිය සම තත්වයට පත්ව තිබේ.