FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මරුට..

 

නැගෙනහිර ප්‍රංශයේ ස්ටාස්බර්ග් නුවර පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

එම ප්‍රදේශයේ නත්තල් සල්පිළක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

මෙම වෙඩිකරු 29 වන වියේ පසුවන්නෙක් වන බවත් වෙඩි තැබීම සිදුකළ පළා යන අවස්ථාවේදී පොලීසිය ඔහු ලුහුබැද ගියත් අත්අඩංගුවට ගැනීමට සමත් වී නොමැත.

අදාළ සැකකරු මීට පෙර ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇත.