තායිලන්ත මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද (11) නිවේදනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර ඇති බව පැවසේ.
හිටපු අගමැති යින්ලක් ෂිනවත්‍රාගේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැන නැගුණු විරෝධතා හේතුවෙන් තායි හමුදා රජය එම තහංචි පනවා තිබුණි.








