FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත මහ මැතිවරණයට දින නියම වෙයි..

 

තායිලන්ත මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද (11) නිවේදනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර ඇති බව පැවසේ.

හිටපු අගමැති යින්ලක් ෂිනවත්‍රාගේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැන නැගුණු විරෝධතා හේතුවෙන් තායි හමුදා රජය එම තහංචි පනවා තිබුණි.