පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා හරහා කර ඇති ඉල්ලීමට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බව නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් පවසා තිබේ.
ඒ අනුව මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බව හෙතෙම සිය මෝසම මගින් අවධාරණය කර ඇති බවත් පැවසේ.
එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන්ද හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.









